රනිල් ගොඩනැගූ රටේ ආර්ථිකය දෙවසරක් තුළ මෙන්න

මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත වූ බවයි.

ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, ඉලක්කගත වැඩපිළිවෙළක් සහ වගවීමක් තුළ ආණ්ඩුකරණය සිදුවන තත්ත්වයක් ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම හරහා රටේ නිසි මූල්‍ය විනයක් ඇති කිරීම, නව පනත් සහ කෙටුම්පත් 83ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙරට අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම හා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ආසියාවේ බලගතුම දූෂණ විරෝධී පනත හඳුන්වාදීම, මෙරට ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සහ අඩුආදායම්ලාභී නාගරික මහල් නිවාස වාසීන්ට එම නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීම, සමෘද්ධිය මෙන් තුන් ගුණයක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කොට ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූ ලක්ෂ 27ක ජනතාවකට “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන දියත් කිරීම, ආර්ථික ඩිජිටල්කරණය ඇරඹීම එහිලා සුවිශේෂි වනවා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හරහා කාන්තාවන් සහ ළමුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීම , කෘෂි නවීකරණය, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් යෙදවීම ඇතුළුව ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප් වැඩිකිරීම සහ නිවාස අයිතිය ලබාදීම හරහා ජීවන තත්ත්වය නැංවීම ද සිදු කෙරුණා.

ඖෂධ හිඟය අවසන් කර රෝහල් ආශ්‍රිත යටිතල පහසුකම් නංවමින් බිඳ වැටී තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ශක්තිමත් කිරීම, බලශක්ති අර්බුදය සමනය කිරීම හා එහි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කෙරෙන ව්‍යාපෘති ගණනාවක් ඇති කිරීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන කතිකාව ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාම ඇතුළු සංවර්ධිත රටක් බිහිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යටතේ සිදුනොවූ ඉමහත් කාර්‍යභාරයක් ගෙවුණු දෙවසරක කාලය තුළ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් භාෂා ත්‍රිත්වයෙන් සකසන ලද වැඩිදුර තොරතුරු ඇතුළත් ” අර්බුදය ජයගත් දෙවසර ” වාර්තාව ඇමුණුම් i ලෙසත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තියක් වෙමින් වැටුණු රට ගොඩ ගැනීම සඳහා කැබිනට් අමාත්‍යංශ 29 ක් පසුගිය දෙවසරක කාලය තුළ ක්‍රියාවට නංවනු ලැබූ වැඩසටහන් ඇතුළත් ” අභියෝගාත්මක දෙවසරක ප්‍රගතිය ” වාර්තාව ඇමුණුම් ii ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය අද (19) දිනයේ දී මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32