‘Commandant’s Cup Sailing Regatta – 2024’ රුවල් යාත්‍රා තරගාවලිය අදින් ඇරඹෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta – 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (18) ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේ දී ආරම්භ වුණා.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප්ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් නාවික හමුදා විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 22ක පමණ පිරිසක් සහභාගී වන බවත් වාර්තා වනවා.

ඒ අනුව, අද (19) දින සිට අගෝස්තු 21 දක්වා මෙම තරඟාවලිය ත්‍රිකුණාමලය, Sandy Bay මුහුදු තීරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම තරඟාවලිය මගින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමට හා අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන්ම, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමත්, මෙරට ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමත් නාවික හමුදාව අපේක්‍ෂා කරන බවයි එහි මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?