AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අපේක්ෂකයින් සයදෙනෙකු එකම වේදිකාවක දී විවාදයකට සැරසෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සය දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එම විවාදය එළැඹෙන සැප්තැම්බර් 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින අරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් එක් වීමට නියමිත ව තිබෙනවා.

මෙම විශේෂ විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ සජීවී ව විකාශය කිරීමට අපේක්ෂා කරන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
6
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?