AFC Banner
Empty Ad
Empty Ad

අවසන් රන්දෝලි මහා පෙරහර අද

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙනවා.

අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරු 06.57ට යෙදෙනෙ සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත්ව ශ්‍රී දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදියෙන් හැරී ඩී.එස්.සේනානාය වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමතයි.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු සාධාතුක කරඬුව පසුදින දහවල් දක්වා අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනවා.

සාධාතුක කරඬුව දළදා මාලිගාවේ වැඩසිටින කුටියෙන් පිටත ස්ථානයක තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙය වන අතර එහි දී රැය පහන්වන තෙක් විශේෂ පුද සිරිත් ඉෂ්ඨ සිද්ධ කෙරෙනු ඇති.

මේ අතර අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩමකරවීමේ භාග්‍ය මෙවර හිමිව ඇත්තේ ඉන්දිරාජා ඇතාටයි.

දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් අවසන් රන්දෝලි පෙරහරේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ (18) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?