AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

එහිදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද එක් කළා.

මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මංගල රැළිය අද (17) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වනවා.

ඒ, අනුව ජනධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මෙම රැළිය අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?