චීනයේ මුස්ලිම් දේවස්ථාන 16,000ක් විනාශ කරලා

ෂින්ජියැන්ග් කලාපයේ උයිගුර් මුස්ලිම්වරුන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව දැනුවත් කිරීමට කැපවී සිටින එක්සත් ජනපදය පදනම් කරගත් සංවිධානයක් වන නැගෙනහිර තුර්කිස්ථාන ජාතික ව්‍යාපාරය (ETNM) තම සටනට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඉල්ලා සිටිනවා.

ඔවුන් චීනයට චෝදනා කළේ මුස්ලිම් පල්ලි සහ අනෙකුත් ආගමික ස්ථාන 16,000ක් විනාශ කර ඇති බවටයි.

ඒවා සමාජ ශාලා සහ බාර් බවට පරිවර්තනය කර ඇති බව සංවිධානය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ චීන රජය නැගෙනහිර තුර්කිස්තාන් ජාතියේ අනන්‍යතාවය විනාශ කිරීම සඳහා විවිධ උපාය මාර්ග දියත් කරමින් සිටින බවයි.

මෙම සංස්කෘතික විනාශකාරී ක්‍රියාවන් සිය ජනතාවගේ ආත්මය බිඳ දැමීමට සහ ඔවුන්ගේ තුර්කි සහ ඉස්ලාමීය උරුමයන් පැවැත්මෙන් මකා දැමීමට සැලසුම් කර ඇතැයි නැගෙනහිර තුර්කිස්ථාන ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා.

චීනය උයිගුර් මුස්ලිම්වරුන්ට එරෙහිව සිය ම්ලේච්ඡ ව්‍යාපාරය දිගටම කරගෙන යද්දී මුස්ලිම් රටවල් සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (OIC) මෙන්ම මධ්‍යම ආසියානු ජනරජයන් නිහඬව සිටින බවට ETNM චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
27
+1
1
+1
6
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?