කිසිදු භේදයකින් තොරව දැහැමි සිතුවිලි සමග අවුරුදු සමරමු – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

සමස්ත ජනතාව කිසිදු භේදයකින් හා වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

නව අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහි මෙසේද සඳහන් කර තිබේ.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබේ. එය අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්‍යෝගයෙන් බලා සිටින කුඩා දූ දරුවන්ගේ සේම සියලු රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.

කුඩා දරු දැරියන් උද්දාමයට පත්කරන අලුත් අවුරුදු ඇඳුම්, ආහාර පාන සහ කෙළි සෙල්ලම් දෙස බලා සිටින වැඩිහිටියන් භුක්තිවිඳින්නේ අප්‍රමාණ සතුටකි. එසේම පරිසරයේ ඇතිවන සොඳුරු වෙනස්කම් අපට කායික මානසික සැනසීම ගෙන දෙයි.

සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන් ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම ද අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයකි. අලුත් අවුරුදු සමයේ දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම, කරන කැප කිරීම ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි වසන්ත සමරසිංහ - අපි මහ පාරේ විසඳගමු
12:15
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
01:07
Video thumbnail
ගමක් බය කරන වන අලියා
00:58
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28