තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කතුන් අද පිටියට

තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (13) පිටියට පිවිසෙනවා.

ඒ සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලිය ඩබ්ලින් නුවර දී අද ආරම්භ වනවා.

ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ටයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ දී අයර්ලන්තයට එරෙහිව පන්දුවාර 20 – 20 තරගාවලි ජයග්‍රහණයක් සොයා පිටියට පිවිසෙනු ඇති.

මේ වනවිට තරගාවලියේ වැඩි වාසිය අත් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ඔවුන් පළමු ටී20 තරගය කඩුලු 07කින් අයර්ලන්ත කාන්තාවන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය තරගාවලි ජයග්‍රහණයකට අත්‍යවශ්‍යම වන අතර, තරගාවලි පරාජයකින් ගැලවීමට නම් අයර්ලන්තය කණ්ඩායම අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි විසින් හොබවනු ලබන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය
ලෝරා ඩෙලනි (Laura Delany) විසින් මෙහෙයවනු ලබනවා.

මේ අතර මෙම තරගාවලියෙන් පසු එළඹෙන අගෝස්තු මස 16 වැනි දින තරග 03කින් සමන්විත එක්දින තරගාවලියක් ද කණ්ඩායම් දෙක අතර බෙල්ෆාස්ට් හි දී ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27