AFC Banner
Empty Ad
Empty Ad

තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කතුන් අද පිටියට

තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (13) පිටියට පිවිසෙනවා.

ඒ සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලිය ඩබ්ලින් නුවර දී අද ආරම්භ වනවා.

ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ටයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ දී අයර්ලන්තයට එරෙහිව පන්දුවාර 20 – 20 තරගාවලි ජයග්‍රහණයක් සොයා පිටියට පිවිසෙනු ඇති.

මේ වනවිට තරගාවලියේ වැඩි වාසිය අත් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ඔවුන් පළමු ටී20 තරගය කඩුලු 07කින් අයර්ලන්ත කාන්තාවන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය තරගාවලි ජයග්‍රහණයකට අත්‍යවශ්‍යම වන අතර, තරගාවලි පරාජයකින් ගැලවීමට නම් අයර්ලන්තය කණ්ඩායම අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි විසින් හොබවනු ලබන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය
ලෝරා ඩෙලනි (Laura Delany) විසින් මෙහෙයවනු ලබනවා.

මේ අතර මෙම තරගාවලියෙන් පසු එළඹෙන අගෝස්තු මස 16 වැනි දින තරග 03කින් සමන්විත එක්දින තරගාවලියක් ද කණ්ඩායම් දෙක අතර බෙල්ෆාස්ට් හි දී ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?