එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයින්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළා.
මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 81ක් පැෆරල් සංවිධාන වෙත ලැබී ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
මේ අතර ආණ්ඩුකාරවරුන් දිගින් දිගටම රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවයි විධායක අධ්යක්ෂවරයා අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ.
මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.