AFC Banner
Empty Ad
Empty Ad

නාමල් සහ සුමන්තිරන් අතර විශේෂ හමුවක්

එළඹෙන ජනාධිපතිවරණයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් හමු වී සකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාව එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේ දී පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී ඇති අතර, වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන් ඉදිරියේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?