ලොරි රථයක ගැටී කෙනරක් මරුට

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල් උතුව ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන් වනඅලියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නිජ භූමිය කරගත් කෙනරක් අද (09) අලුයම 04ට පමණ හබරණ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක් ව ඇති බවයි.

මාර්ගයේ භාවිතා කරන රියදුරන් සඳහා මාර්ග නාම පුවරු ඉදිකොට අලි මාරුව සිදුවන ස්ථානය බවට දැනුවත් කර තිබුණත් රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම කෙනර ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

වයස අවුරුදු 14 පමණ වන කෙනරක් මෙලෙස මරණයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කරනු ලබනවා.

අනතුර සිදුකර පලා යමින් තිබූ ලොරි රථය කාන්තරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30