“ගාසා හි ළමා අරමුදලට” ශ්‍රී ලංකාවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීම ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ඊට අදාළ මූල්‍ය චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පලස්තීන රජයට පිරිනැමූ බවයි.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත්
අමෙරිකානු ඩොලර් 590,000ක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (07) ජනාධිපති කාර්‍යාලයේ දී සිදු කෙරුණා.

  1. ත්‍රස්තවාදය ඉතාම නරකයි .මේ ගසා දරුවන් ගෙ මොළ ශෝධනයට හමාස් මිනී මරුවන් ට ඉඩ නොදිය යුතුය එසේ නොවුණහොත් මේ දරුවන්ට කරන ආධාර ත්‍රස්තවාදයට දුන්නු ආධාර බවට පත් වෙ