තැපැල් ඡන්ද අයදුම් කිරීම අවසන් දිනය අද – මැතිවරණ පැමිණිලි 157ක් දක්වා ඉහළට (නිවේදනය)

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් (09) අවසන් වනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය ජූලි මස 26 වැනි දින ප්‍රකාශයට පත් කිරීමත් සමග මැතිවරණ කොමිෂන් සභාව තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදු කළා.

ඒ අනුව මැතිවරණ කොමිසම දැනුම්දුන්නේ අගෝස්තු මස 05 වැනි දින දක්වා ඡන්ද දායකයින්ට සිය තැපැල් ඡන්ද සඳහා අයදුම් පත් ඉදිරිපත් කළ හැකි බවයි.

ඉන් පසුව අගෝස්තු මස 05 වැනි දින පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමේ දිනය එදින අවසන් නොවන බවත්; එය තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බවත් නිවේදනය කළා.

ඒ අනුවයි එම අමතර දින කිහිපය අගෝස්තු මස 09 වැනි දින අද දින තෙක් දීර්ඝ කරනු ලැබුවේ.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් අද දිනය අවසන් වීමට පෙර තමන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් හට තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට යොමු නොකර; අතින් ගොස් භාරදෙන ලෙස ද කොමිසම දන්වා සිටියා.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි ගණන 130 සීමාව ද ඉක්මවා තිබෙනවා.

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 20ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම පැමිණිලි 20න් 11ක් ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යි.

සෙසු පැමිණිලි 09 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කළ මාසය වන ජූලි මාසයේ 31 වැනි දින සිට ඊයේ (08) දිනයේ පස්වරු 4.30 වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මුළු පැමිණිලි 157ක් වාර්තා වී ඇති බවයි නිවේදනය දැක්වෙන්නේ.

එම පැමිණිලි 157 අතර එක් ප්‍රචණ්ඩ ක්‍රි‍යාවක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 152ක් සහ වෙනත් චෝදනා 02ක් ද ඊට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09