සිරකරු ඝාතන චෝදනාවලට වැරදිකරු වූ එමිල් ළමාහේවා මරණ දණ්ඩනයෙන් නිදොස් කර නිදහස් කෙරේ

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කර නිදහස් කිරීමට අද (08) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය අධිකරණය විසින් ලබාදෙනු ලැබුවේ; විත්තිකාර පාර්ශ්වය ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින්.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු ලෙසයි ළමාහේවා මහතා උසාවිය ඉදිරියේ දී නම්කෙරුණේ.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුවයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නිදහස් කිරීමේ තීන්දුව ලබා දී ඇත්තේ.

2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහි ව පවරා තිබූ නඩුවට අදාළ ව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා හට 2022 වර්ෂයේ ජනවාරි මස 12 වැනි දින මරණීය දණ්ඩනය හිමිවුණා.

නමුත් මෙම නඩු තීන්දුවට එරෙහිව එමිල් රංජන් ළමාහේවා ඇපෑලක් උසාවියට ඉදිරිපත් කළ අතර; එය අද දිනයේ දී සලකා බලමින් මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කළු තුෂාරා යන රැඳවියාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව ද එමිල් රංජන් ළමාහේවාට එරෙහිව එල්ල වූ චෝදනා වූ අතර,එය අධිකරණයේ දී ඔප්පූ වී ඇත්තේ හෙතෙම වැරදිකරු බවට සනාථ කරමින්.

පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහි ව ගොනු කර ඇති චෝදනා කිසිවක් ඔප්පු කර ගැනීමට නොහැකි වී ඇති නිසා ඔහු මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණේ මීට වසර දෙකකට පෙරයි.

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරලිකාර තත්ත්වයක් හමුවේ එහි රඳවා සිටි බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ ‍රැඳවියන් 27 දෙනෙකු මීට 12 වසරකට ඉහත දී මරණයට පත් වුණා.

ඉන් පුද්ගල මරණ 8ක් සමබන්ධයෙන් පමණක් සාක්ෂි එකතු කරගැනීමට ගැනීමට හැකි වූ අතර එම මරණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය් නඩුවක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව වසර 10කට අධික කාලයක් පුරා මෙම නඩු විභාගය පැවැත්වුණු අතර එම අවසන් තීන්දුව එමිල් රංජන්ට එරෙහිව මරණ දඬුවමක් ලෙස මීට දෙවසරකට පෙර හිමි වුණා.

කෙසේවෙතත් අදාළ මරණ දණ්ඩන නියෝගය අභියෝගයට ලක් කරමින් විත්තිකාර ළමාහේවාගේ නීතිඥවරුන් මෙම ඇපෑල ඉදිරිපත් කෙරුණු අතර ඊටයි මෙලෙස අද දිනයේ දී නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය අධිකරණයෙන් හිමිවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
20
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29