AFC Banner
Empty Ad
Empty Ad

දකුණු චීන මුහුදේ මතුවන ආතතීන් මධ්‍යයේ ජර්මනිය සහ පිලිපීනය ආරක්ෂක ගිවිසුමකට එළැඹේ

පිලිපීනයේ ජාතික ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ සහ ජර්මානු ෆෙඩරල් ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස්, දකුණු චීන මුහුදේ චීනයේ ව්‍යාප්තවාදී බලපෑමට විරුද්ධ බව පවසමින් තම ආරක්ෂක හමුදා අතර සහයෝගීතාව වැඩි කිරීමට අදහස් කරන ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබෙනවා.

මැනිලා හි පැවති හමුවකදී මෙම ගිවිසුමට එළැඹ ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර 70 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීමේදී නියෝජිතයින් තම සන්නද්ධ හමුදාවන් අතර දිගුකාලීන සබඳතා ඇති කර ගැනීමට ද අභිලාෂය ප්‍රකාශ කර තිබෙනවා.

පිලිපීන හමුදාව නවීකරණය කිරීම සඳහා එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මිලිටරි අරමුදල් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයක් ඇතුළත බර්ලිනය සහ මැනිලා අතර මෙම ගිවිසුමට එළැඹ තිබීම විශේෂත්වයක්.

පිස්ටෝරියස්ගේ පිලිපීන සංචාරය සැලකෙන්නේ ජර්මානු ආරක්ෂක ඇමතිවරයෙකු එරට සිදු කළ පළමු සංචාරය ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?