දකුණු චීන මුහුදේ මතුවන ආතතීන් මධ්‍යයේ ජර්මනිය සහ පිලිපීනය ආරක්ෂක ගිවිසුමකට එළැඹේ

පිලිපීනයේ ජාතික ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ සහ ජර්මානු ෆෙඩරල් ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස්, දකුණු චීන මුහුදේ චීනයේ ව්‍යාප්තවාදී බලපෑමට විරුද්ධ බව පවසමින් තම ආරක්ෂක හමුදා අතර සහයෝගීතාව වැඩි කිරීමට අදහස් කරන ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබෙනවා.

මැනිලා හි පැවති හමුවකදී මෙම ගිවිසුමට එළැඹ ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර 70 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීමේදී නියෝජිතයින් තම සන්නද්ධ හමුදාවන් අතර දිගුකාලීන සබඳතා ඇති කර ගැනීමට ද අභිලාෂය ප්‍රකාශ කර තිබෙනවා.

පිලිපීන හමුදාව නවීකරණය කිරීම සඳහා එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මිලිටරි අරමුදල් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයක් ඇතුළත බර්ලිනය සහ මැනිලා අතර මෙම ගිවිසුමට එළැඹ තිබීම විශේෂත්වයක්.

පිස්ටෝරියස්ගේ පිලිපීන සංචාරය සැලකෙන්නේ ජර්මානු ආරක්ෂක ඇමතිවරයෙකු එරට සිදු කළ පළමු සංචාරය ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24