AFC Banner
Empty Ad
Empty Ad

අරුණ දර්ශනට 05 වැනි තැන අහිමි වෙයි – මංතීරු උල්ලංඝනය කිරීමේ වරදට හසුවෙයි

Update –ඔලිම්පික් මීටර් 800 අවසන් පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන සුදුසුකම් නොලත් ක්‍රීඩකයෙකු බවට විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (06) එම තීරණය ලබා දී ඇත්තේ ඔලිම්පික් විනිශ්චය මණ්ඩලය විසින්.

අරුණ සිය ධාවන මංතීරුවෙන් පිටත TR17.2.3 මංතීරු උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි ලක් ව ඇත්තේ.

ඒ අනුව අරුණ දැක්වූ 44.75 දක්ෂතාව මින් ඉදිරියට වලංගු නොවනු ඇති.

මෙම තීරණයත් සමග අරුණ අද දිනයේ වාර්තා කළ සිය මලල ක්‍රීඩා දිවීම් ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය ද අහෝසි වුණා.

————————————————————————

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට තරග වැදුණු අරුණ දර්ශනට අද (06) දිනයේ සිතූ තරම් සාර්ථක වීමට ඉඩකඩ ලැබුණේ නැහැ.

ඒ ඔහුට අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේ දී 05 වැනි ස්ථානය හිමිවීමත් සමගින්.

අරුණු දර්ශනට මෙම තරග වටය නිමා කිරීමට තත්ත්පර 44.75ක් ගත වුණා.

එම තරග වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ Grenada හි කේ. ජේම්ස් විසින්.

ඔහු තරගය අවසන් කිරීමට තත්ත්පර 43.78ක් ගත කළා.

දෙවැනි තැන සැම්බියාවේ M. Samukonga විසින් දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවර මීටර් 400 තරග ඉසව්ව වෙනුවෙන් තබා තිබූ ඔලිම්පික් සිහිනය බොඳ ව යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
23
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?