ගමක් කැලඹූ වලස් ප්‍රහාර – තුනක් රෝහලට

ගම්මානයකට වලසෙකු කඩා වැදී සිදු කළ පහරදීමකින් එම ගම්මානයේ පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම අද (06) අලුයම පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දියබෙදුම, කෝදුරුවාව ගම්මානයේ දී සිදු ව ඇති බවයි.

ඇලහැර අභය භූමියේ සිට අද අලුයම මෙම වලසා 33 ගම්මානයට කඩා වැදී එහි පදිංචි පුද්ගලයින්ට තිදෙනෙකුට පහරදීමත් සමග ගම් වැසියන් කලබල වී දියබෙදුම වනජීවී කාර්‍යාලය වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් ගම්මානයට පැමිණ වලසා අල්ලා ගැනීමට පැය කිහිපයක මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වලසා ව නිරුපද්‍රිත ව අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට හැකි වූ බවත්; ඒ වනවිට වලසා ද තුවාල ලබා තිබූ බවත් පැවසෙනවා.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත මෙම වලසා රැගෙන ගොස් තිබෙනවා.

වලස් ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ 67-70 යන වයස් සීමාවල පසුවන්නන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්; වැඩිදුර ප්‍රතිකාර සඳහා පිරිමි පුද්ගලයෙකු සහ ගැහැනු අයෙක් පොළොන්නරුව රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57