සෞදියේ ක්‍රෑර වධහිංසනයට ලක් වූ ශාලිකා ගැන තවමත් හරි තොරතුරක් නැහැ – පවුලේ ඥාතීන්

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් එරට නිවැසියන්ගේ ක්‍රෑර වධහිංසනයන්ට හා මරණ තර්ජනයට ලක් ව සිටින ශාලිකා ලක්මාලි සෝමරත්න නමැති කාන්තාව එම ස්ථානයෙන් ගලවා ගැනීමට හෝ ඇය මේ වනවිට ජීවතුන් අතර සිටී ද යන්න මෙතෙක් තමන්ට තහවුරු කිරීමට අදාළ වගකිව යුතු ආයතන අපොහොසත්ව ඇති බව ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටිනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ; හොරොව්පොතාන – විලේවැව, මොරකෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇය මීට වසර එක හමාරකට පමණ ඉහත දී කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගොස් තිබෙනවා.

නමුත් මාස කිහිපයකට ඉහත දී ඇය සිය පවුලේ ඥාතීන්ට අවසන් වරට ලබාගත් සාමාන්‍ය දූරකථන ඇමතුමකින් පවසා තිබුණේ; එරට නිවැසියන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල ව ඇති බවත්, එම නිවැසියන් ඉදිරියේ තමන්ට නිරුවත් වීමටත්; නිවැසියන් බලා සිටිය දි නිරුවතින් දිය නෑමටත් තමන්ට සිදු ව ඇති බවයි.

විදුලි ස්ත්‍රික්කවලින් පිළිස්සීම, බිම පෙරළා ගෙල පාගා ගෙන සිටීම, කාමර අඩස්සියේ දමා කුස ගින්නේ තැබීම වැනි ක්‍රෑර වධ හිංසාවන් රැසක් ද ඒ වනවිටත් එම නිවැසියන් තමන්ට සිදු කර ඇති බවට ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

තම සේවා කාලය අවසන් වීමට ප්‍රථම තමන් මරා දමන බවට ද එම නිවැසියන් නිතර ප්‍රකාශ කරමින් මෙලෙස තමන්ට වධ හිංසා පමුණුවන බවත් ඔවුන්ගෙන් නිතර එල්ල වන මරණ තර්ජන හමුවේ තමන්ගේ ජීවිතය අවදානමක පවතින නිසා තමන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසටයි ඇය සිය පවුලේ උදවියගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඇය විදෙස්ගත කළ බව කියන විදේශ රැකියා නියෝජිත ආයතනයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයට ද ඇයගේ ඥාතීන් විසින් මින් මාස කිහිපයකට ඉහත දී පැමිණීල්ලක් ද සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස සෞදි අරාබියේ දී ජීවිත තර්ජනයට ලක්ව සිටි තම ඥාතියා මේ වනිවට ජීවතුන් අතර සිටී ද යන්න නිසි ලෙස තහවුරු කිරීමට හෝ දුරකතන ඇමතුමකින් හෝ ඇයව සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් උදා කර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ විදේශ රැකියා නියෝජිත ආයතනය අපොහොසත්ව ඇති බවටයි ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටින්නේ.

පවුලේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබා ගත් ඇමතුමකින් සනාථ වන්නේ එම විදේශ රැකියා නියෝජිත ආයතනය අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කර නැති බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් හා අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ නියෝජිතයින් සමග ඇති වූ දූරකථන සංවාදයකින් විදේශ රැකියා නියෝජිතයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට යෝජනා කරන්නේ මේ සම්බන්ධයෙන් ‘පෞද්ගලික ව කතා කරමු’ යන්නයි.

මෙම තත්ත්වයන් යටතේ මෙම සිද්ධිය යට ගැසීම සඳහා වූ යම් උත්සහායක විදේශ රැකියා නියෝජිතායනයේ නියෝජිතයින් යෙදී සිටින බවටයි.

මේ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් අදාළ විදේශ සේවා නියෝජිත ආයතනයෙන් ද යළි විමසීමක් සිදුකර ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇය සේවයේ නියුතු නිවසේ හාම්පුතුන් තම දූරකථන ඇමතුම්වලට ද පිළිතුරු නොදෙන බවයි.

විදේශ රැකියා නියෝජිතායතනයේ නියෝජිතවරයෙකු එම පවුලේ ඥාතීන්ට පවසා ඇත්තේ ඇයගේ පවුලේ ඥාතීන්ට ඇය දූරකථන ඇමතුම් ලබා නොදුන්න ද ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඇයගේ සැමියාට දුරකථන ඇමතුම් ලබාදෙන බවටත් වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ඇයගේ සැමියාගෙන් අප කළ විමසීමක දී සැමියා පැවසුවේ; මාස කිහිපයක සිට ම බිරිඳගෙන තමන්ට කිසිදු ඇමතුමක් නොලැබුණු බවයි.

සෞදි අරාබියාවේ දී ජීවිත තර්ජනයටක ලක්ව සිටින තම බිරිඳගෙන් මාස ගණනකින් ඇමතුවක් ලැබී නැති බව පවසන එම සැමියා ඉල්ලා සිටින්නේ කෘර වදහිංසාවලට ලක්වෙමින් ජීවිත අවධානමක සිටින සිය බිරිඳ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර දෙන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කර තිබියදී මෙන් ම ඇයව ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වෙතොත් එම ගුවන් ටිකට් පත් පවා සිය පුද්ගලික වියදමෙන් ලබාදීමට පවුලේ ඥාතීන් කැමැත්ත පළ කර තිබෙන බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

තම ඥාතීයා ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීමටත්; එසේ ඇය ජීවත් ව සිටී නම් ඇයව කඩිනමින් මෙරටට ‍ගෙන්වා දීමට කටයුතු නොකරන්නේ නම් පවුලේ ඥාතීන් කොළඹ දී උපවාසයකට සූදානම් බව ද එම පවුලේ ඥාතීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18