T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වයෙන් බංග්ලාදේශය ගැලවෙයි?

බංග්ලාදේශය තුළ මේ වනවිට ඇති ව තිබෙන වියවුල්කාරී දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් එළඹෙන ඔක්තෝම්බරයේ එරට සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු ව තිබෙනවා.

www.espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම ලෝක කුසලානය එළඹෙන ඔක්තෝම්බර් මස 03 වැනි දින බංග්ලාදේශයේ මීර්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

නමුත් ඊයේ (05) දිනයේ දී බංග්ලාදේශයේ දෙවරක් අගමැති ධුරයෙහි කටයුතු කළ ෂීක් හසීනා සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමත් සමග එරට විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිල නිවස ආදිය ඇතුළු රාජ්‍ය පොදු දේපොළ සියල්ල ම ආක්‍රමණය කර ඇති බවයි වාර්තා වුණේ.

එරට හමුදා ප්‍රධානියා පැවසුවේ ඉදිරියේ දී අන්තර් වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි.

මෙවන් පසුබිමක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළඹෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය බංග්ලාදේශයෙන් පිටතට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විකල්ප සත්කාරකත්ව දේශ ලෙස ලැයිස්තුවේ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේ තත්ත්වය මත බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට්‍ A කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යාම පැය 48කින් කල් දමා තිබෙනවා.

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්‍රරෆි මොටාසාගේ නිවසට ද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇති බවත් වාර්තා වනවා.

මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට රටවල් 10ක් එක්වන අතර එය ඔක්තෝම්බර් මස් අ03 සිට 20 තෙක් පැවැත්වීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?