Update – වෙඩි තැබීම් හතරක් – පොලිසියේ දෙදෙනෙක් ඇතුළු හතරක් මරුට

අද (04) අලුයම කාලයේ සිදු වූ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ කාන්තාවක් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක අද (04) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු වූ පොලිස් කොස්තාපල්වරයෙක්.

කරඬුගල පොලිස් ස්ථානයට අනුයුතව සේවය කරන පොලිස් නිලධාරියෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

පසුව අදාළ පොලිස් නිලධාරියා ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව කරඬුගල පොලිස් ස්ථානයට පැමිණ ඇති 42 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා පොලිස් ස්ථානය තුළ දී සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50