AFC Banner
Empty Ad
Empty Ad

පක්ෂයේ තීරණවලට පිටුපාන සාමාජිකයින්ට තරාතිරම නොබලා දඬුවම් – සාගර

පක්ෂයේ තීරණවලට එරෙහි වෙන සාමාජිකයින්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් මේ බව දැනුම් දී තිබෙනවා.

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි අදාළ ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ.

එළෙඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇති පසුබිමක මෙම පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?