AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවායේ පැරෂුට් අනතුරකින් – පැරෂුට් භටයින් දෙදෙනෙක්ට තුවාල

වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයක් අතර සිදු වූ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.

එම කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබළුන් පිරිසකගේ විසිරයාමේ උත්සවයක් අද පැවැත් වුණේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පුහුණුව ලැබූ පැරෂුට් භටයින් විසින් ඉදිරිපත් කළ පැරෂුට් සංදර්ශනයක් අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සංදර්ශනයට එක්ව සිටි පැරෂුට් භටයින් දෙදෙනෙක් මෙලෙස අනතුරට ලක් වූ අතර, එහිදී තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රැගෙන ගියා.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?