AFC Banner
Empty Ad
Empty Ad

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

පිලිපීන බලධාරීන් පැවසුවේ කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?