ඉන්දියාවේ සබ්මැරීනයක් ලංකාව බලන්න එයි (ඡායාරූප)

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියා.

මෙම නෞකාව අද (02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40ක ගෙන් සමන්විතයි.

එහි අණදෙන නිලධාරී කොමාන්ඩර් Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද අද එම විධාන මූලස්ථානයේ දී සිදු කෙරුණා.

‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳ ව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

මෙම නිල සංචාරය නිමා කරමින් එළඹෙන 04 වන දින ‘INS Shalki’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ව බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23