AFC Banner
Empty Ad
Empty Ad

රන් නෙළුමක් මිලියන පහකට විකුණන්න ගිහින් – සැකකරු මාතලෙන් අල්ලයි

පුරා විද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම පුද්ගලයා ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාතලේ, අළුවිහාරය ප්‍රදේශයේසිදුකළ වැටලීමක දී විවිධ ප්‍රමාණයේ පෙති 24 කින් යුත් ග්‍රෑම් 706ක් බරැති රන් පැහැති නෙළුම් මලක් සමඟ මෙම සැකකරු අත්දන්ගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් මෙම නෙළුම් මල රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට සූදානම්ව සිට ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 33ක කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?