දොස්තර ෂාෆිට අයත් ගෙදරක අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අයත් බව කියන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (31) සොයාගෙන තිබෙනවා.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගැනේ ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර බවට අනාවරණය වී තිබෙනවා.

එක් දරු පියෙක්වන මොහු අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 04 වන පටුමගප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත්, ඔහු වෛද්‍යවරයාට අයත් බව කියන නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම නිවස තුළ ඇදක් මත තිබිය දී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙට ස්වභාවික මරණයක් ද, සියදිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ තිබී ඖෂධ වර්ග කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (31) දින මරණය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය දඹුල්ල රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් නිවස භාරව සිටින බව කියන පුද්ගලයෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

1
2
4
5
6
7
8

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
0
+1
6
+1
8
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28