AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු අල්ලයි

පසුගිය 25 වැනි දින සවස් කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළ අතර ඊයේ (30) පස්වරුවේ දී ඝාතනයට ආ වෙඩික්කරු, ඊට ප්‍රවාහන පහසුකම් දුන් යතුරුපැදිකරු හා අනුබල දුන් තවත් අයෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙම සැකකරුවන් වයස අවුරුදු 26,37 සහ 45 යන වයස් සීමාවල පසුවන්නන් බවයි.

ඔවුන් සියලු දෙනා ඔරුගොඩවත්ත හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?