අවසන් T20 තරගයේ දී ශ්‍රී ලංකා පන්දු බලඇණියෙන් ඉන්දියාවට පීඩනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් සහ තුන්වැනි T20 තරගයේ දී සංචාරක ඉන්දීය කණ්ඩායමෙන් ජයග්‍රහණයට ලකුණු 137ක ඉලක්කයක් හිමිවුණා.

අද (30) තරගය ආරම්භ වීමට පැයක පමණ ප්‍රමාදයක් ද වර්ෂාව හේතුවෙන් සිදු වූ අතර; තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි ඉන්දීය පිතිකරණයට මෙවර නම් සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ ඔවුන් ලකුණු 14ක් වනවිට ද කඩුලු 03ක් අහිමි ව සිටීම හේතුවෙන්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ශුබ්මන් ගිල් පමණයි.

ඔහු ද රැස් කළේ ලකුණු 39ක් පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් ද, වනිඳුගෙන් කඩුලු 02ක් සහ චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් එක් ව එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ඉනිම ලියැවී තිබුණේ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56