උදේශිකා හා අනුෂ්කා සංජීවනී ව උණුසුම් ලෙස පිළිගැනේ

මෙවර ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී සහ අනුෂ්කා සංජීවනී යන ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගැනීම ඔවුන්ගේ ගම් ප්‍රදේශයන් හි දී සිදු කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; උදේශිකා ප්‍රබෝධිනී ව ඇයගේ ගම් පළාත වන අම්බලන්ගොඩ – කරන්දෙණිය නගරයේ දීත්, අනුෂ්කා සංජීවනී ව හික්කඩුව ප්‍රදේශයේ දී ද උණුසුම් අයුරින් පිළිගැනීමට විශේෂ උත්සව සංවිධානය කර තිබූ බවයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ දී පරාජයට පත් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ආසියානු කාන්තා කුසලානයක් තමන් සතු කරගත්තා.

එම කණ්ඩායම වෙනුවෙන් දක්ෂ අයුරින් ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනී සහ උදේශිකා ප්‍රබෝධිනී ව ඔවුන් ඉගෙනුම ලැබූ පාසල් වන හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයත්, කරන්දෙණිය මහා විද්‍යාලයත් විශේෂ රථ පෙරහැරකින් ඔවුන් ව කැඳවා ගෙන ගියා.

මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18