විරේන් ඔලිම්පික් තරගාවලියෙන් ඉවතට විසිවෙයි

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා එක් ව සිටින ළාබාලතම ක්‍රීඩකයා වන ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඉදිරි ඔලිම්පික් තරග අහිමි කරගැනීමට අද (30) සිදු වුණා.

ඒ ඔහු අද දිනයේ දී ක්‍රීඩා කළ බැඩ්මින්ටන් මූලික වටයේ දෙවැනි තරගය ද පරාජයට පත් වීම නිසාවෙන්.

විරේන් අද සිය දෙවැනි තරගයේ වට දෙකම ක්‍රීඩා කළේ ලොව බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානයේ රැඳී සිටින ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන්ට එරෙහිවයි.

එහිදී විරේන් සිය පළමු වටයේ දී පැබ්ලෝට එරෙහිව ලකුණු 21ට 09ක් සහ දෙවැනි වටයේ දී 21ට 19ක් ලෙස පරාජයට පත් වුණා.

ඒ අනුව ඊයේ පැවති තරගය ද විරේන් නෙත්තසිංහ මැලේසියානු ක්‍රීඩක Z.J. Lee හමුවේ පරාජයට පත් වීමත් සමග ඉදිරි ඔලිම්පික් තරගවලට පිවිසීමේ අවස්ථාව මෙලෙස අහිමි ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21