AFC Banner
Empty Ad
Empty Ad

විරේන් ඔලිම්පික් තරගාවලියෙන් ඉවතට විසිවෙයි

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා එක් ව සිටින ළාබාලතම ක්‍රීඩකයා වන ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට ඉදිරි ඔලිම්පික් තරග අහිමි කරගැනීමට අද (30) සිදු වුණා.

ඒ ඔහු අද දිනයේ දී ක්‍රීඩා කළ බැඩ්මින්ටන් මූලික වටයේ දෙවැනි තරගය ද පරාජයට පත් වීම නිසාවෙන්.

විරේන් අද සිය දෙවැනි තරගයේ වට දෙකම ක්‍රීඩා කළේ ලොව බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානයේ රැඳී සිටින ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන්ට එරෙහිවයි.

එහිදී විරේන් සිය පළමු වටයේ දී පැබ්ලෝට එරෙහිව ලකුණු 21ට 09ක් සහ දෙවැනි වටයේ දී 21ට 19ක් ලෙස පරාජයට පත් වුණා.

ඒ අනුව ඊයේ පැවති තරගය ද විරේන් නෙත්තසිංහ මැලේසියානු ක්‍රීඩක Z.J. Lee හමුවේ පරාජයට පත් වීමත් සමග ඉදිරි ඔලිම්පික් තරගවලට පිවිසීමේ අවස්ථාව මෙලෙස අහිමි ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?