ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනයට පත් කළ චිත්‍රසිරි කමිටුව විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත් කර අවසන් නව ව්‍යවස්ථාව නීතිගත කිරීම සඳහා ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කරනු ලැබුවා.

එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි කටයුතු කළේ.

එම කමිටුව මඟින් සකස් කළ වාර්තාව ජනධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන්නේ පසුගිය ජුනි මස 15 වනදායි.

එමඟින් නිර්දේශ කර තිබුණේ ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම, ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි.

එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත් විය යුතුවීම, ඇතුළු කරුණු රැසක් විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ දැක්වෙනවා.

චිත්‍රසිරි කමිටුව මඟින් එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇති අතර, යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දෙන ලෙසයි අමාත්‍ය මණ්ඩලය වෙත මෙලෙස ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21