AFC Banner
Empty Ad
Empty Ad

වෝඩ් ප්ලේස් ඝාතනයේ තුන්වන සැකකරුත් පොලිස් දැලේ

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි තුන්වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (29) දහවල් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 47 හැවිරිදි වියේ පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 23 වනදා සිදු වූ මෙම ඝාතනයට අදාළව ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් පසුගිය 26 වනදා ග්‍රෑන්ඩ්පාස්, සමඟි මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?