මෝසමක මුවාවෙන් ඇමති තොණ්ඩමන් උසාවියට

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින මෙලෙස අධිකරණයට ඉදිරිපත් වූ බවට නුවරඑළිය මූලස්ථාන පොලිසිය සඳහන් කළ බවයි.

ඊට හේතුව වූයේ මැයි මස 30 වැනි දින ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් එක්ව නුවරඑළිය පිඩෘ වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු කාර්‍යය මණ්ඩලය පැය කිහිපයක් අමාත්‍යවරයාගේ භාරයේ බලහත්කාරයෙන් රඳවා ගත් බවට එල්ල වූ චෝදනාවකටයි.

එම වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකරන බවත්, මෙම තත්ත්වය මත වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල්, එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන පිරිස අධිකරණය වෙත අද ඉදිරිපත් වූයේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහේස්ත්‍රාත් විනිසුරු ප්‍රබුද්ධිකා ලංකාන්දි අධිකරණය හමුවේ පවසා ඇත්තේ පොලිසිය මගින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස (26) දින කැදවන
බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?