මෝසමක මුවාවෙන් ඇමති තොණ්ඩමන් උසාවියට

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින මෙලෙස අධිකරණයට ඉදිරිපත් වූ බවට නුවරඑළිය මූලස්ථාන පොලිසිය සඳහන් කළ බවයි.

ඊට හේතුව වූයේ මැයි මස 30 වැනි දින ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් එක්ව නුවරඑළිය පිඩෘ වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු කාර්‍යය මණ්ඩලය පැය කිහිපයක් අමාත්‍යවරයාගේ භාරයේ බලහත්කාරයෙන් රඳවා ගත් බවට එල්ල වූ චෝදනාවකටයි.

එම වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකරන බවත්, මෙම තත්ත්වය මත වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල්, එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන පිරිස අධිකරණය වෙත අද ඉදිරිපත් වූයේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහේස්ත්‍රාත් විනිසුරු ප්‍රබුද්ධිකා ලංකාන්දි අධිකරණය හමුවේ පවසා ඇත්තේ පොලිසිය මගින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස (26) දින කැදවන
බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56