රන්ජන් වෙනුවෙන් හරීන්ගෙන් දේශපාලන තීන්දුවක්

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කටාන ප්‍රදේශයේ පසුගියදා (11දා) පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැයි මාසයේ පළමු සතියේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන බවත්,හැකිනම් එම අභියෝගය භාර ගෙන පෙන්වන ලෙසත් සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා,

“පාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා මම හිටියේ නෑ. පාර්ලිමේන්තුවේ මාතර පැත්තෙන් ආපු කෙනෙක් කියනවා රන්ජන් රාමනායක ගැන කතා කරන්න මට කොන්දක් තියෙනවාද කියලා. රන්ජන් රාමනායක වෙනුවෙන් කතා කරලා කළු සාටකයක් දැම්මට රන්ජන්ව බේර ගන්න බෑ කියලා. මුන් හිරේ දාන අය මම බේර ගන්නේ කොහොමද. ඒත් මම අද එකක් කියනවා. මම ලොකු දේශපාලන තීන්දුවක් ගන්නවා රන්ජන් රාමනායක වෙනුවෙන්. බලමු ආණ්ඩුවට පුළුවන්ද කියලා ඒ අභියෝගය භාර ගන්න. මම ඒක අද කියන්නේ නෑ. අද කුතුහලයක් ඇති කරනවා. මැයි මාසයේ පළමු සතියේ මම ආණ්ඩුවට දෙනවා අභියෝගයක්. පුළුවන් නම් ඒක කරන්න. මම මගේ කොන්ද මොකක්ද කියන එක නැවත වතාවක් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන්න මම සූදානම් කියන එක මේ අවස්ථාවේ කියනවා.

රන්ජන් රාමනායක කරපු වරද මොකක්ද? මල්ලි උන් ඔක්කොම හොරු කියපු වරද. මිනී මරපු කෙනා පාර්ලිමේන්තුවේ. මිනී මරපු තව අය ඉන්නවා ඒ අයට සුරසැප බන්ධනාගාර රෝහලේ. රන්ජන් රාමනායක බලන්න යන්න මන්ත්‍රී කෙනෙකුටවත් අවස්ථාවක් දෙන්නේ නැතිව රන්ජන් රාමනායකව වැසිකිළි හෝදන්න දාලා තියෙනවා.

මෙතන සෑම ආගමකම ජනතාව ඉන්නවා. ඒ කිසිදු ආගමක කියලා තිබෙනවාද වෛර කරපන් කියලා. ඒත් මේ අය පළිගන්නවා. පළිගන්නේ මේ අයව විවේචනය කරන අයගෙන් විතරයි.” යැයි සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50