රන්ජන් වෙනුවෙන් හරීන්ගෙන් දේශපාලන තීන්දුවක්

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කටාන ප්‍රදේශයේ පසුගියදා (11දා) පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැයි මාසයේ පළමු සතියේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන බවත්,හැකිනම් එම අභියෝගය භාර ගෙන පෙන්වන ලෙසත් සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා,

“පාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා මම හිටියේ නෑ. පාර්ලිමේන්තුවේ මාතර පැත්තෙන් ආපු කෙනෙක් කියනවා රන්ජන් රාමනායක ගැන කතා කරන්න මට කොන්දක් තියෙනවාද කියලා. රන්ජන් රාමනායක වෙනුවෙන් කතා කරලා කළු සාටකයක් දැම්මට රන්ජන්ව බේර ගන්න බෑ කියලා. මුන් හිරේ දාන අය මම බේර ගන්නේ කොහොමද. ඒත් මම අද එකක් කියනවා. මම ලොකු දේශපාලන තීන්දුවක් ගන්නවා රන්ජන් රාමනායක වෙනුවෙන්. බලමු ආණ්ඩුවට පුළුවන්ද කියලා ඒ අභියෝගය භාර ගන්න. මම ඒක අද කියන්නේ නෑ. අද කුතුහලයක් ඇති කරනවා. මැයි මාසයේ පළමු සතියේ මම ආණ්ඩුවට දෙනවා අභියෝගයක්. පුළුවන් නම් ඒක කරන්න. මම මගේ කොන්ද මොකක්ද කියන එක නැවත වතාවක් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන්න මම සූදානම් කියන එක මේ අවස්ථාවේ කියනවා.

රන්ජන් රාමනායක කරපු වරද මොකක්ද? මල්ලි උන් ඔක්කොම හොරු කියපු වරද. මිනී මරපු කෙනා පාර්ලිමේන්තුවේ. මිනී මරපු තව අය ඉන්නවා ඒ අයට සුරසැප බන්ධනාගාර රෝහලේ. රන්ජන් රාමනායක බලන්න යන්න මන්ත්‍රී කෙනෙකුටවත් අවස්ථාවක් දෙන්නේ නැතිව රන්ජන් රාමනායකව වැසිකිළි හෝදන්න දාලා තියෙනවා.

මෙතන සෑම ආගමකම ජනතාව ඉන්නවා. ඒ කිසිදු ආගමක කියලා තිබෙනවාද වෛර කරපන් කියලා. ඒත් මේ අය පළිගන්නවා. පළිගන්නේ මේ අයව විවේචනය කරන අයගෙන් විතරයි.” යැයි සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?