ඉන්දියාවෙන් “ගගන්යාත්‍රි” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ඉන්දියානුවෙක් අභ්‍යවකාශයට යැවීමේ ගගන්යාන් මෙහෙයුමේ එක් පියවරක් ලෙස ලබන මාසයේ දී ඉන්දියානුවෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ), නාසා ආයතනය සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම සහයෝගීතාවය ඉන්දියාවේ ගගන්යාන් වැඩසටහනේ සහ එහි පුළුල් අභ්‍යවකාශ ගවේෂණ ප්‍රයත්නවල ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

“ගගන්යාත්‍රි” ලෙස හඳුන්වන එක් ඉන්දියානු ගගනගාමියෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මෙම මෙහෙයුමට සහභාගී වනු ඇතැයි ඉන්දීය රජය නිල වශයෙන් ලෝක් සභාවට පසුගියදා දැනුම් දුන්නා.

Axiom 4 මෙහෙයුමේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ දී ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉන්දියානුවා ඇතුළු ගගනගාමීන් තිදෙනා පිටත් යනු ඇති.

ඉන්දියානු ගගනගාමීන් ස්වාධීනව අභ්‍යවකාශයට යැවීම අරමුණු කරගත් පුළුල් ගගන්යාන් ව්‍යාපෘතිය සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ පරීක්ෂණ නියමුවන් සිව්දෙනෙකු තෝරාගෙන සිටිනවා.

මෙම ගගනගාමීන් මේ වන විට බැංගලෝර් හි පිහිටි ඉස්රෝ හි ගගනගාමී පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56