Update – වෝඩ් ප්ලේස් ඝාතකයෝ අපරාධයේ සුලමුල වමාරයි

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ දී පසුගිය 23 වනදා ත්‍රිරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා විසින් මෙම අපරාධය සිදුකිරීමට හේතුව මේ වනවිට අනාවරණය කර තිබෙනවා.

ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවයි පොලිස් ප්‍රශ්න කිරීම්වල දී සැකකරුවන් පවසා ඇත්තේ.

අපරාධයක් සිදුකිරීමේ අරමුණින් ග්‍රෑන්ඩ්පාස් සිට කොළඹ කොටුව දෙසට පැමිණ ධර්මපාල මාවත හරහා විහාරමහා දේවි උද්‍යානය අසලට පැමිණි බවත්, එම ප්‍රදේශයේ දී යම් කොල්ලකෑමක් අසාර්ථක වූ බැවින් පසුව වෝඩ් පෙදෙසේ දන්ත ශල්‍යාගාරය අසලට පැමිණි බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එහි පැමිණෙන විට නවතා තිබූ ත්‍රිරෝද රථයක රියදුරු අසලට ගොස් කුලී ගමනක් යාමට කතා කළ බවත්, ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහුගේ දුරකථනය කොල්ලකෑමට උත්සාහ දැරීමේ දී ඔහු සමඟ පොරබැදූ බවත්, එහිදී රියදුරුගේ පපුවට පිහියකින් ඇන්න බවයි සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අනතුරුව රියදුරුව උස්සා ත්‍රිරෝද රථයේ පිටුපස අසුනට දමා ජංගම දුරකථනය ද රැගෙන තමන් අනෙක් පුද්ගලයන් දෙදෙනා සමඟ ත්‍රිරෝද රථයේ නැගී පළා ගිය බව අපරාධයේ ප්‍රධාන සැකකරු හෙළිකර තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් වෝඩ් පෙදෙසේ සිට දෙමටගොඩ, ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස් දක්වා සීසීටීවී දර්ශන 70 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමේ දී අපරාධකරුවන් සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී ඝාතනයට යොදාගත් උල් පිහිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50