ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් සහනයක් (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින්ට තමට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා.

ඊයේ (26) දිනයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළා.

ඒ, අනුව සුදුසුකම් ලත් ඡන්දදායකයින්ට තමන් නියමිත මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ සැලකිල්ලක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිය හැකියි.

මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ කාර්යාලවලින් අයදුම්පත් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

එලෙස ලබා ගන්නා අයදුම්පත් සම්පූර්ණ කර අගෝස්තු 01 වැනිදා හෝ ඊට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත ලබාදිය යුතු වනවා.

සෑම අයදුම්පතක්ම අයදුම්කරුගේ නේවාසික ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිලධාරීන් විසින් සහතික කළ යුතුයි.

මෙම සහතිකය නොමැති අයදුම්පත් වලංගු නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

2024 ඡන්ද විමසීම් සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද ලැයිස්තුවේ තොරතුරු අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් තුළ ඇතුළත් කළ යුතු බව ගැසට් පත්‍රයේ සඳහන්.

මෙම තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.election.lk වෙතින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

WhatsApp Image 2024 07 27 at 12.25.51 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23