රට තුළ ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් (වීඩියෝ)

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (26) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

එමෙන්ම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එම කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් ඒ සදහා කැපවූ සියලු පාර්ශ්වයන්ටජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසිපරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39