සීලරතන හිමි සල්ලි නැතිව ඇප තියන්න ඇවිත් (වීඩියෝ)

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම අද (26) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් වුණා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

මේ අතර ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ද අද (26) දහවල් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහායි.

කෙසේ වෙතත් ඇප මුදල් තැන්පත් කිරීමට උන්වහසේ මුදල් රැගෙන පැමිණ නොතිබූ බවයි වාර්තා වුණේ.

ඒ, හේතුවෙන් අද (26) දිනයේ දී ඇප තැන්පත් කිරීමට උන්වහන්සේට හැකියාව නොලැබුණු අතර, එහිදී උන්වහන්සේ පැවසුවේ ලබන සඳුදා දිනයේ දී යළි පැමිණ ඇප මුදල් තැන්පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27