ටිබටයේ ආගමික සංහාරයක්

ශුද්ධෝත්තම දලයි ලාමා තුමාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ නියෝජිත ආචාර්ය Tsewang Gyalpo Arya, ටෝකියෝ හි දී චීනය විසින් ටිබෙටයේ සහ චීනය විසින් අල්ලාගෙන සිටින අනෙකුත් ප්‍රදේශවල ආගමික ජන සංහාරයක් සිදුවෙමින් ඇතැයි අනාවරණ කළා.

ජපානය ආසියාවේ පවත්වනු ලබන වාර්ෂික කලාපීය සමුළුවක් වන දෙවන ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ සමුළුවේ දී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

ටිබෙටයේ ආගමික ජන සංහාරයේ දරුණු බලපෑම ආචාර්ය ආර්යා අවධාරණය කළේ; ටිබෙටය සැලකිය යුතු සංස්කෘතික ජන සංහාරයකට මුහුණ දුන් කලාපයක් ලෙස හඳුන්වමින්.

“ටිබෙටය වසර 70කට වැඩි කාලයක් ආගමික මර්දනයන්ට ලක් ව ඇති අතර; මෙම මර්දනය දිගටම පවතී. උයිගුර් සහ දකුණු මොන්ගෝලියාවේ ද මෙවැනිම ම්ලේච්ඡ ක්‍රියා සිදුවෙමින් පවතී. මෙම සංස්කෘතික ජන සංහාරයේ ප්‍රතිවිපාක ඉතා භයානකය. විදේශීය මාධ්‍යවේදීන්ගේ වාර්තා ටිබෙටය මිලිටරි රාජ්‍යයක් ලෙස නිරූපණය කරයි.. ටිබෙට් සිවිල් වැසියන්ට වඩා වැඩි පොලිස් නිලධාරීන් සිටී. මෙම නිලධාරීන් සහ නිරීක්ෂණ කුටි ඇත්තේ ටිබෙට් ජාතිකයන් ආරක්ෂා කිරීමට නොව ඔවුන්ගේ චලනයන් පිළිබඳව දැඩි නිරීක්ෂණයක් පවත්වා ගැනීමටයි…” යනුවෙන් ආචාර්ය Tsewang Gyalpo Arya වැඩිදුරටත් සඳහන් කළා.

ටිබෙට් ජාතිකයන්, චීන ජාතිකයන්, කොරියානුවන්, මොන්ගෝලියානුවන් සහ තවත් අය දහස් ගණනක් ටිබෙට් ගුරුවරුන් යටතේ බුද්ධාගම හැදැරීම සංස්කෘතික හුවමාරුවන් ලෙස නොදැක එය කොමියුනිස්ට් පාලනයට තර්ජනයක් ලෙස සැලකූ බව ටිබෙට් නියෝජිතයා ආගමික නිදහස පිළිබඳ සමුළුවේ දී කරුණු සහිතව පෙන්වා දුන්නා.

ආචාර්ය ආර්යා සිය කතාවේ දී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ නිහඬ ව සිටීම වෙනුවට මෙම ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහි ව හඬ නගන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09