ජනපති අපේක්ෂකයින්ට එරෙහිව විරෝධතා ගොනු කරන හැටි කොමිසම කියයි (නිවේදනය)

ජනාධිපතිවරණය පැවැත්වීම, නාම යෝජනා භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ 1981 අංක 15 දරා ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 02 වැනි සහ 08 වැනි වගන්ති ප්‍රකාරවයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වෙන අතර එම ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අගෝස්තු මස 15 දහවල් 12 තෙක් සිදු වන අතර ඊට යම් කිසි පාර්ශ්වයකින් විරෝධතාවක් ගොනු කරන්නේ නම්; එය ද එදින පෙරවරු 09 සිට පෙරවරු 11.30 තෙක් කාලසීමාව තුළ රාජගිරිය- සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට සිදු කළ යුතු වනවා.

මෙම නාම යෝජනා පත්‍ර භාරගැනීම් සිදු වන්නේ රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී යි.

නාම යෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙකු ම නාම යෝජනා භාරදීමට පෙර ඇප මුදල් තැන්පත් කිරීම අනිවාර්‍යය වනවා.

එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයින් හැර අනෙකුත් අපේක්ෂකයින් ඇප මුදල් භාරදීමේ දී ව්‍යවස්ථාදායකයේ තෝරා පත් කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු බව හෝ මන්ත්‍රීවරයෙකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ අත්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්‍යය අවශ්‍යතාවක් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18