වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ජනපතිට නීතිමය ප්‍රතිපාදන නැහැ – අගමැති (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකින් පුරප්පාඩු වූ පොලිස්පති ධුරයට මේ මොහොතේ (26) කිසිදු අයුරකින් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ; එලෙස වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට නීතිමය ප්‍රතිපාදන ජනපති සතු නොවන බවයි.

එමෙන්ම දැනට පවතින පොලිස්පති ධුරය හිස් නොවන බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම්දුන්නා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙරේදා (24) දිනයේ දී දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර ඇති මිසෙක ඉන් පොලිස්පති ධුරයේ පුරප්පාඩුවක් සිදු නොවූ බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කතානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කතානායකවරයා මේ සම්බන්ධ ව හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” යනුවෙන් ද අගමැතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
16
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?