හරීන්ට – මනූෂට එරෙහි ව වසන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිවයි.

නීතිඥ වසන්ත යාපා බණ්ඩාර අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් මෙම පැමිණිල්ල සිදු කළා.

මෙම පැමිණිල්ලට අනුව හරීන්ට සහ මනූෂට එල්ල වී ඇති චෝදනා වන්නේ; එම අමාත්‍යවරුන් දෙදෙනා විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ සහ මුදල් අනිසි පරිදි භාවිතා කරමින් රට සංගීත සංදර්ශන සහ උත්සව පවත්වමින් යන බවයි.

එය අනීතික මැතිවරණ පූර්ව ප්‍රචාරණයක් බවට ද මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර චෝදනා කරනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් තරුණ සේවා සභාවේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරමින්, වාර්ෂික සැලැස්ම ද පසෙකලා රට පුරා විවිධ සංගීත ප්‍රසංග පවත්වමින්, විදේශ ගායක ගායිකාවන්ට මිලියන ගණන් මුදල් වියදම් කරමින් ඉදිරි මැතිවරණයේ දී තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කරන බවටයි අමාත්‍ය හරීන්ට එරෙහි ව ඇති චෝදනාවේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14