AFC Banner
Empty Ad
Empty Ad

සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය? (වීඩියෝ)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙනවා.

මේ අතර අද ජනාධිපතිවරණය ප්‍රකාශ කළහොත් කාල රාමුව අනුව සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමි වී අදට දින 8ක්.

මේ සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන්නේ එවැනි පසුබිමකයි.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය සහ නාම යෝජනා කැඳවීම සිදු කරන දිනය පිළිබඳ අවසන් තීරණය සම්බන්ධයෙන් කොමිසම අද අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය හෙට (26) නිකුත් කරන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?