සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය? (වීඩියෝ)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙනවා.

මේ අතර අද ජනාධිපතිවරණය ප්‍රකාශ කළහොත් කාල රාමුව අනුව සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමි වී අදට දින 8ක්.

මේ සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන්නේ එවැනි පසුබිමකයි.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය සහ නාම යෝජනා කැඳවීම සිදු කරන දිනය පිළිබඳ අවසන් තීරණය සම්බන්ධයෙන් කොමිසම අද අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය හෙට (26) නිකුත් කරන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51