බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

මොනරාගල – බුදුරුවගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ පසුගියදා (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

සභාව අමතමින් ජනාධිපතිවරයා පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශිෂ්ට ඉතිහාසය සහ පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය පැමිණ සිටි තරුණ සිසුන්ට විස්තර කළා.

සිසු දරු දැරියන් අමතමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ හඳුන්වාදීමක් සිදු කළ අතර පාසල් දරුවන් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීමට අමතර ව ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව අනාගත සිසු පරපුර අතර සමගිය, සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බව මහලේකම්වරිය අවධාරණය කිරීම ද මෙහිදී සිදුවුණා.

පාර්ලිමේන්තුව පුරවැසියන් සමග සම්බන්ධ කරමින් මහජනතාව සහ පාර්ලිමේන්තුව එකිනෙකාට සමීප කිරීමට මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47