චීනය ඔත්තු බැලීම වැළැක්වීමේ නීති තවත තද කරයි

ජාත්‍යන්තර ප්‍රජාව තුළ කම්පනයක් ඇති කරන, පුද්ගලිකත්වය සහ මානව හිමිකම් පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතු කර ඇති පියවරක් ලෙස, චීනය සිය ඔත්තු බැලීම් වැළැක්වීමේ නීතිය යටතේ නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

2024 ජූලි 1 දින සිට බලාත්මක වන පරිදි පනවා ඇති මෙම නීති, ජාතික ආරක්ෂාවේ නාමයෙන් ස්මාර්ට් ෆෝන් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කිරීමට රාජ්‍ය ආරක්ෂක පොලිසියට පුළුල් බලතල ලබා දෙනවා.

මෙම නව රෙගුලාසි යටතේ, බලධාරීන්ට කෙටි පණිවිඩ, ඊමේල්, ක්ෂණික පණිවිඩ, කණ්ඩායම් කතාබස් (chat groups) ලේඛන, පින්තූර, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ගොනු, යෙදුම් සහ ලොග් වාර්තා ඇතුළු පුද්ගලික උපාංගවලින් “ඉලෙක්ට්‍රොනික දත්ත” රැස් කළ හැකියි.

මෙම පුළුල් බලතල සෑම පුරවැසියෙකුගේම ස්මාර්ට් ජංගම දුරකතනයක් රාජ්‍ය ආරක්ෂක ආයතන සඳහා තොරතුරු සම්භාරයක් බවට පත් කරනවා.

මෙම නව නීතිවල වඩාත් භයානක අංගයක් වන්නේ රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට සෝදිසි කිරීම් සිදු කිරීමට ලබා දී ඇති පහසුවයි.

රෙගුලාසි අනුව, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට නාගරික මට්ටමේ රාජ්‍ය ආරක්ෂක ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව ඔවුන්ගේ පොලිස් හෝ ඔත්තු බැලීමේ කාඩ්පත් පෙන්වීමෙන් ඕනෑම ස්ථානයක් පරීක්ෂණයට ලක් කළ හැකියි.

හදිසි අවස්ථාවල දී, මෙම සෝදිසි කිරීම් වරෙන්තු නොමැති ව පවා සිදු කළ හැකි අතර, අත්තනෝමතික ලෙස බලාත්මක කිරීමට ද අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13