පොලිස් නිල සුනඛයින් මඩකලපුව – පූනොචිමුණ වටලයි

අද (24) උදෑසන යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව මඩකලපුව – කාතාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ පච්චයි නිවාස ව්‍යාපෘති ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදු කළා.

මේ සඳහා පොලිස් නිල සුනඛයන් යොදා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුගිය 15 වැනිදා එම ගම්මානයේ නිවසක බෝම්බ පිපිරීමක් සහ 22 වැනිදා එම නිවස ඉදිරිපිට තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධීන්වලට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අද අලුයම ආරම්භ කළ සෝදිසි කිරීම්වල දී පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව ගෙයින් ගෙට ගොස් නිල සුනඛයන් යොදා මෙම සෝදිසි කිරීම් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

නිවාස 35ක් පමණ වටකර ඇති අතර, පොලිස් නිලධාරීන් 28ක්, විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 10ක්, හමුදා නිලධාරීන් 22ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ඊට සම්බන්ධ වූ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානය භාර නිලධාරී එස්. රමේෂ් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14