ඉම්රාන් ඛාන්ට තවත් බොහෝ කල් සිරගත ව ඉන්නට සිදුවන ලකුණු

ෆිච් සමූහයට අයත් බිස්නස් මොනිටර් ඉන්ටර්නැෂනල් (බීඑම්අයි), නවතම වාර්තාවකින් පවසා ඇත්තේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් හට නුදුරේ දී සිරෙන් නිදහස් වීමට ඉඩක් නොමැති බවයි.

“සාර්ථක නීතිමය අභියාචනා කිහිපයක් තිබියදීත්, විපක්ෂ නායක ඉම්රාන් ඛාන් සැලකිය යුතු කාලයක් සිරගත ව සිටිනු ඇත” යනුවෙන් BMI උපුටා දක්වමින් ඩෝන් නිව්ස් පවසනවා.

IMF විසින් නියම කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා ෂෙබාස් ෂරීෆ් ආණ්ඩුව අවම වශයෙන් ඉදිරි මාස 18 තුළ පවතිනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරනවා.

කෙසේ වෙතත්, විශ්ලේෂණය මගින් පකිස්තාන ආර්ථිකය සඳහා භයානක පුරෝකථනයන් කිහිපයක් සිදු කර ඇත්තේ ආර්ථිකය කඩා වැටීමක් ආසන්නයේ පවතින බව දක්වමින්.

“පකිස්තානයේ ආර්ථිකය බාහිර කම්පන හමුවේ ඉතා බිඳෙන සුළුයි,” BMI වාර්තාව උපුටා දක්වන ඩෝන් වාර්තාව පවසනවා.

“පකිස්තානුවන්ගෙන් සියයට 40 ක් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන බැවින්, තවත් ගංවතුරක් හෝ නියඟයක් ආර්ථිකයට සැලකිය යුතු අවදානමක් ගෙන එනු ඇත. රටේ බිඳෙන සුළු දේශපාලන තත්ත්වය ද යථා තත්ත්වයට පත්වීමට බාධාවක් විය හැකිය,” වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් තහනම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය මේ අවස්ථාවේ දී ක්‍රියාමාර්ග ගැනීම තවත් විරෝධතා මාලාවක් ආරම්භ වීමට හේතු විය හැකි බව වාර්තාව අනතුරු අඟවනවා.

එවැනි තත්ත්වයක් පාකිස්තානයට විනාශකාරී වනු ඇති බවයි BMI සිය වාර්තාවෙන් අනතුරු අඟවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14