ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයකින් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වනවා.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 07ක් ඒ සඳහා එකඟත්වයකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ගිවිසුම් සඳහා අද (22) දිනයේ අත්සන් තබා තිබෙනවා.