2024 LPL ශූරයින් ලෙස ජැෆ්නා රජවරු කිරුළු පළදියි

2024 එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 09ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමගයි.

මෙම තරගයේ ජැෆ්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 184ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 15යි පන්දු 04ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී රයිලී රූසෝ ශතකයක් රැස් කරමින් ජැෆ්නා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත් වුණා.

අනෙක් අන්තයේ සිට ජැෆ්නා ඉනිම ගොඩනැගීමට වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 71ක් රැස් කළා.

ඒ, අනුව 2024 එල්.පී.එල් ශූරතාව යළිත් වරක් හිමිකර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27